Block unwanted Facebook Apps…
Posted by ගයන්ත සමරදිවාකර | Posted in අන්තර්ජාලය | Posted on 19-07-2009
Facebook වල මේ දවස් වල යන අලුත්ම trend එක තමයි Facebook Apps..
කොච්චර නැගල යනවද කියනව නම් එකම දේට Apps 4,5 උනත් තියෙන වෙලාවල් දකින්න පුළුවන්.
ඒත් මේ Apps කොච්චර විශ්වාසවන්තද කියල අපිට දැනගන්න පුළුවන් ද?
Facebook Terms වලට අනුව අපි, අපි ගැනම බලාගන්න ඕනෙ.
1. You should have control over your personal information.
Facebook helps you share information with your friends and people around you. You choose what information you put in your Profile, including contact and personal information, pictures, interests and groups you join. And you control the users with whom you share that information through the privacy settings on the Privacy page.
.
ඒක නිසා Apps (Apps විතරක් කෙමෙයි ඕනෙම දෙයක්. නමුත් Apps විශේෂයි) එක්ක ගණුදෙණු කරද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි.
ඒක නිසා ඕනෙම App එකක් Add කරගන්න කලිං ඒකට අදාල Application ‘Page’ එකට පොඩ්ඩක් ගිහිල්ල බලන්න.

.
එයට අදාල පිටුවෙ විස්තර වලින් හරි අදහසක් ගන්න අමාරු වුනත් ‘කී දෙනෙක් මේක පාවිච්චි කරනවද, Facebook Verifiedද’ වගේ දල අදහසක් ගන්න පුළුවන්...
(Ratings සඳහා ඇති තරු වලින් එච්චර ලොකු අදහසක් ගන්න බෑ. නමුත් තම මනාපය ගොඩක් දෙනෙක් පල කරල තියෙනවනම් සහ ඒවා හොඳ මට්ටමේ පවතිනව නම් ධනාත්මක අදහසක් ලබාගන්න පුළුවන්…)

( Facebook Certified උන නිසාම එය 100%ක් විශ්වාසදායී නොවන බවත් මතක තියාගන්න)
.
කොහොම හරි, ඒ ඉස්සරහට Add කරගන්න Apps නෙ.. දැං Add කරගෙන ඉන්න එවුවට මොකද වෙන්නෙ එතකොට?
Remove කරල දැම්මත් 100%ක්ම ඉවත් වෙන්නෙ නෑ. අපේ විස්තර ගත්ත එවුව උනත් තවම තියාගෙන ඉන්නව වෙන්න පුළුවන්..
ඒකට තියෙන හොඳම විසඳුම තමයි BLOCK කරල දාන එක.
ඒ සඳහා Application Settings වෙතට යන්න..

.
.
Application Settings හි ඇති “Allowed to Post”
තුල අපි එදාමෙදා තුර Add කරගත්
සියළුම Apps,
යන ප්‍රවර්ග යටතේ List වෙලා තියෙනවා.
.
මේ අතරින් ඔබට අනවශ්‍ය App එකෙහි Application Profile එකට යන්න. (Apps ගොඩක් නම් එකින් එකට යන්න වෙනවා)
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ Block ක්ලික් කරන්න විතරයි.

ඉන්පසු එය තහවුරු කරන ලෙස ඉල්ලා සිටීවි. එවිට එය තහවුරු කරන්න.

එච්චරයි…
.
[තවත් දෙයක්, Apps සඳහා Privacy Settings හදන්නත් අමතක කරන්න එපා. එය http://www.facebook.com/privacy/?view=platform&tab=other මඟින් කරගන්න පුළුවන්.
ඔබ Block කරන ලද Applications හි ලැයිස්තුව ද මෙහිදී ඔබට බලාගන්න පුළුවන් (පස්සෙ Unblock කරන්න එහෙම ඕනෙ උනොත්
)... ]
.
දැන් දැන් විවිධ අනවශ්‍ය කටයුතු සඳහා විස්තර ලබාගැනීමට Facebook හොඳ මාධ්‍යයක් වේගෙන එන කාලෙ, ඉල්ලං කන්නෙ නැතුව Facebook පාවිච්චි කරං හිටියනං අන්තිමට ඔවුවට බනින්න වෙන එකක් නෑනෙ



.jpg)
.jpg)
.jpg)
.jpg)
--
@ Twitter .jpg)




